විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
නිලධාරීන් අමතමින් අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කළේ, දේශීය බලකිරීම් පිළිබඳව ද සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා ඉදිරියට ගෙන යාම සඳහා අමාත්‍යාංශයේ වරම ක්‍රියාත්මක කිරීමට තමා අපේක්ෂා කරන බවයි. විදේශ කටයුතු අමාත්‍යාංශයට මෙතෙක් ලබාදුන් නායකත්වය පිළිබඳව, ධූරයෙන් ඉවත්ව යන මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාට අමාත්‍යවරයා සිය ප්‍රශංසාව පළ කළේය.
අමාත්‍ය සබ්රි මහතා 2020 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරන ලදී. 2022 අප්‍රේල් 4 වැනි දින මුදල් අමාත්‍යවරයා ලෙස පත් කරනු ලබන තෙක්, 2020 අගෝස්තු 12 වැනි දින සිට අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
අධිකරණ අමාත්‍යවරයා ලෙස අධිකරණ ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩසටහන තුළින්, එතුමා සියවසකට අධික කාලයක් තිස්සේ වෙනස් වී නොතිබූ සමහරක් නීති ඇතුළු නීති සියයකට අධික සංඛ්‍යාවක් සංශෝධනය කිරීම ඇතුළුව, ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ පුළුල් පරාසයක විහිදුණු ප්‍රතිසංස්කරණ සහ නව මුල පිරීම් රැසක් දියත් කළේය. අධිකරණ ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණ වැඩසටහන, රට පුරා පිහිටි උසාවි පුළුල් කිරීම මෙන්ම, ප්‍රමාදවීම් පිළිබඳ ගැටළුව විසඳීම සඳහා විශේෂිත උසාවි හඳුන්වා දීම ද අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ආරම්භ කරන ලදී.
මුදල් අමාත්‍යවරයා ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව සමඟ වොෂින්ටන් ඩී.සී. හි දී පැවති මෑතකාලීන සාකච්ඡා සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබා දුන්නේය.
දේශපාලනයට අවතීර්ණ වීමට පෙර නීතිඥවරයෙකු ලෙස කටයුතු කළ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් මෙහෙයවන ලද නඩු කටයුතු බොහොමයක් නීති වාර්තා සහ ප්‍රකාශනවල පළ වී ඇත. 2012 දී ජනාධිපති නීතිඥවරයෙකු ලෙස පත් කරනු ලැබූ එතුමා, 2009 දී නීති ක්ෂේත්‍රය තුළ ලැබූ ජයග්‍රහණ වෙනුවෙන් වසරේ විශිෂ්ටතම තරුණයා ලෙසින් ද පිදුම් ලැබීය.
එතුමා 1997 දී සෞදි අරාබියේ ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස ද කටයුතු කර ඇත.