ඔහු මේ බව පැවසුවේ, අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අඳහස් දක්වමිනි.
ඊයේ පැවති කැබිනට් තීරණ රැස්වීමේ දී රටේ පවතින සමාජ, ආර්ථික සහ දේශපාලනික ප්‍රශ්න සම්බන්ධයෙන් වැඩි වශයෙන් සාකච්ඡා වුණු අතර එහිදී රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල තීරණ මහජනතාවට දැනුම්දීමේ දී රජයේ කැබිනට් ප්‍රකාශක ලෙස තමාව පත් කළ බවද ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.
විශාල වශයෙන් සාකච්ඡාවට බදුන් වන විෂය කරුණක් සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අමාත්‍යවරුන් ඊට පසුව පැමිණෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණෙන බවද අමාත්‍යවරයා කීය.