ඔහු මේ බව පැවසුවේ, අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.
පොහොර හිඟ සතියක් තුළ සම්පූර්ණයෙන් ම නිමවෙන බව ඊයේ කැබිනට් රැස්වීමේදී කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව කී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් 2022 වසරේ යළ කන්නය සදහා වී මිලදී ගැනීම සම්බන්ධයෙන් වැඩසටහනක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද වැඩිදුරටත් පැවසීය.