පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    පිරිමැසුම්දායක ලෙස ඉන්ධන භාවිතා කරන්න -කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ජූලි 26, 2022

    අඛණ්ඩව ඉන්ධන සැපයීම තහවුරු කර ගැනීමට උපදේශ කමිටුවක් හා නිලධාරී කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවත් ඉන්ධන මිළදී ගැනීමේදී පීඩනයට ලක්ව සීටින ජනතාවට QR Cord වැඩසටහන මගින් අගෝස්තු මස 01 පසු සහනදායි ලෙස ඉන්ධන ලබා ගැනීමට හැකියාව ලැබෙන බවද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ඔහු මේ බව පැවසුවේ ,අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    ඉන්ධන පිරවුම් හල්වලින් තෙල් ලබා ගැනීම සඳහා ඉතා දියුණුම තාක්ෂණය ක්‍රමයක් වන QR Cord වැඩසටහන මේ වන විට ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන බවත් මේ වන විට ලක්ෂ 40ක ජනතාවක් QR Cord ලබා ගෙන ලියාපදිංචි වී ඇති බවද කී අමාත්‍යවරයා, ඊයේ (25) පමණක් QR Cord වැඩසටහන ක්‍රියාත්මක වූ ඉන්ධන පිරවුම්හල් 245කට ඩීසල්,පෙට්‍රල් ලබා ගැනීමට වාහන 70,123ක් පැමිණි බවද කීය.

    ලංකා ගමනා ගමන මණ්ඩලයට ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබා දෙන බවද ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ,පෞද්ගලික බස් රථ,පාසැල් බස් රථ,පාසැල් වෑන් රථ,ගිලන් රථ, කෘෂි කාර්මික උපකරණ,කර්මාන්ත සඳහා ද QR Cord යටතේ ඉන්ධන පිරවුම් හල්වලට අතිරේකව CTB ඩිපෝ 107 කින් ඉන්ධන ලබා බවත් මේ සඳහා සියලු පාර්ශවයන්ගේ ඉවසීම සහ සහයෝගය බලා පොරොත්තු වන බවද අමාත්‍යවරයා කීය.

    ත්‍රි රෝද රථ, කෘෂී කාර්මික යන්ත්‍ර සූත්‍ර සියල්ල ඒ පළාත්වල පොලිසීය හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල මඟින් ලියාපදිංචි කර ඒ දත්ත ඉදිරි දින දෙක තුල ඛනිජ තෙල් අමාතයාංශයට ලැබීමට සළසන ලෙසද ඛනිජ තෙල් අමාත්‍යවරයා අදාල නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව ද අමාත්‍යවරයා පැවසීය.

    ලොකය පුරාම ඉන්ධන ජාලය කඩා ඇති බවත් 2015 වර්ෂයේදී ලංකාවට ඛනිජ තෙල් ආනයන කිරිමට ඇමරිකානු ඩොලර් බිලියන 2.7 ක් වැය කර ඇති බවත් 2022 මේ වර්ෂය වන විට දී ඇමරිකානු ඩොලර් මිලියන 6.7 මුදලක් ඛනිජ තෙල් සඳහා ඇස්තමේන්තු කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා,2015 වර්ෂයට සාපෙක්ෂව 2022 වර්ෂයේදී ඛනිජ තෙල් ආනයක කීරීමට යන පිරිවැය ඇමරිකානු ඩොලර් බිලියන 4 කින් වැඩි වී ඇති බවත් මේ වන විට මෙම මුදල් සොයා ගැනීම දුෂ්කර කාර්යයක් බවද පෙන්වා දුන්නේය.

     රටට විදේශ විනිමය ගැටළු තිබියදී ඛනිජ තෙල් ජනතාවට ලබා දීම සිදු කරන බව කී අමාත්‍යවරයා ඉතාම පිරිමැසුම් දායක ලෙස ඉන්ධන භාවිතා කරන ලෙසද ඉල්ලා සිටියේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya