පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    ව්‍යවස්ථාවෙන් පිට කිසිවක් නෑ- කැබිනට් මණ්ඩලය වැඩි කිරීම ගැන ඊයේ සාකච්ඡා වුණේ නෑ - කැබිනට් ප්‍රකාශක

    ජූලි 26, 2022

    කැබිනට් මණ්ඩලය වැඩි කිරීම පිළිබඳ ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේ දී සාකච්ඡා නොවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

     

    අමාත්‍යවරයා බව පැවසුවේ ,අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් රටට පැහැදිළිවම කියා ඇත්තේ, ශ්‍රි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට අනුව සියලුම කටයුතු සිදු කරන බවත් ව්‍යවස්ථානුකූල පියවර සහ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතින් බැහැරව කිසිඳු පිළිවෙතක් සිදු නොකරන බවත් යැයි අමාත්‍යවරයා පැවසීය.

    අප සැම දෙනාම රාජ්‍ය සේවය සඳහා දිවුරා ඇති බවත් ශ්‍රි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරක්ෂිත කොට ආරක්ෂා කරන බවට ප්‍රතික්ඥාවක් දී ඇතැයි ද කී අමාත්‍යවරයා, ව්‍යවස්ථාව අනුව සියලුම වෙනස්කම් සිදු වන බවත් එයින් පිට කිසිවක් සිදු නොවන බවද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya