පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    රජයේ ආයතන මෙහෙයවීම සඳහා අත්දැකීම් සහිත සුදුසුකම් සපුරන නිළධාරීන් පත් කිරීමට කැබිනට් අනුමැතිය

    ජූලි 26, 2022

    රාජ්‍ය යාන්ත්‍රණය සුමට ලෙස ක්‍රියාකිරීම උදෙසා රජයේ පරිපාලන සේවයේ කාර්යක්ෂමතාවය වැඩිකිරීමට පළපුරුද්ද ඇති අත්දැකීම් සහිත සුදුසුකම් සපුරන ආයතන නිළධාරීන්ව පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.

    මෙහි දී, සුදුසුකම් පරීක්ෂණ පවත්වා සුදුසුකම් හා ජ්‍යෙෂ්ඨත්වය මත රජයට අදායම් ප්‍රධාන ලෙස රැස් කර දෙන දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ දේශීය අදායම් කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ දේශීය අදායම් සේවයේ නිළධාරියෙක් වන ඩි.ආර්.එස් හපුආරච්චි මහතා පත් කර තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ අනුව, රේගු දෙපාර්තමෙන්තුවේ රේගු අධ්‍යක්‍ෂක ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් වන පී.බී.එස්.සී. නෝනිස් මහතා ද, භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් තනතුර සඳහා ශ්‍රීලංකා ගණකාධිකරණ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන ඩබ්. ඒ. සත්කුමාර මහතා ද, තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජනරාල් වරයා ලෙස ශ්‍රීලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හා ජ්‍යෙෂ්ඨ සහකාර කළමනාකරුවෙක් ලෙස කටයුතු කළ ජූඩ් නිලුක්ශාන් මහතා ද පත් කොට තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya