පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

      “කොවිඩ් උවදුර ඉවර නෑ; නොපමාව කොවිඩ් එන්නත ගන්න; මාර්ගෝපදේශ පිළිපදින්න” - සෞඛ්‍ය බලධාරින් ගෙන් උපදෙස්

    ජූලි 27, 2022

    ලොව පුරා කොවිඩ් 19 වසංගතයේ නව ප්‍රභේදයක් ඉක්මණින් පැතිර යන අතර පසුගිය දින කිහිපය තුළ ශ්‍රි ලංකාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ වැඩි විමක් නිරික්ෂණය වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

    එබැවින් ‌කොවිඩ් ආසාදනය වළක්වා ගැනීමට ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් හැකි ඉක්මණින් 4 වන කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටි. විශේෂයෙන් ප්‍රසිද්ධ ස්ථානවල දි, පොදු ප්‍රවාහනය භාවිතයේදී මෙන්ම විශාල පිරිසක් රැස්වෙන ගෘහස්ථ ස්ථානවල දී මුඛ ආවරණ පැළඳීම නිර්දේශ කරන බවත් අනෙකුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ ද නිසි ලෙස අනුගමනය කළ යුතු බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරයි.

    කළින් සඳහන් කළ පරිදි ජූනි 31 දිනෙන් කොවිඩ් එන්නත කල් ඉකුත්වීමක් සිදු නොවේ. සමාගම විසින් ඔක්තෝබර් මස 31 වනතුරු එහි කාලය දීර්ඝ කර ඇත. එම එන්නත සමාගම විසින් විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කරන ලදුව නිසි ක්‍රමවේද අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති බවත් වැඩබලන වසංගත රෝග ප්‍රධාන විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේය. ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කර නොගන්නැයි වෛද්‍යවරයා කියා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya