පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    සාම්පලතිව් කලපුව ප්‍රදේශය සංවේදී පරිසර කලාපයක් සහ ස්වභාවික වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට තීරණයක්

    ජූලි 27, 2022

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පලතිව් කලපුව අවට ප්‍රදේශය සංවේදී පරිසර කලාපයක් සහ ස්වභාවික වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම, වනජීවීහා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    ඒ අනුව මීට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දී ඇත.

    ඊයේ (25) අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී සාම්පලතිව් කලපුව අවට සල්ලි, ඉලුප්පයිකුළම්, වරෝධය නගර් හා උප්පුවේලි ග්‍රාම නිලධාරී වසම්වලට අයත් හෙක්ටයාර් 239.58ක භූමි ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදේශය සංවේදීපරිසර කලාපයක් මෙන්ම ස්වභාවික වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට තීරණය කරනු ලැබීය.

    සාම්පලතිව් කලාපය අවට ප්‍රදේශය විශාල කඩොලාන ගහනයකින් ද සමන්විත ප්‍රදේශයකි. නමුත් පසුගිය වසර කිහිපය තුළ හෙක්ටයාර් 2043ක් වූත්‍රිකුණාමලයේ කඩොලාන පරිසර පද්ධතිය හෙක්ටයාර් 1491 දක්වා අඩු වී ඇති බව මෙහිදී අවධාරණය විය.

    සාම්පලතිව් කලපු ප්‍රදේශයේ ජෛව විවිධත්වය සුරක්ෂිත වන පරිදි සැලසුම්ගත සංවර්ධන ව්‍යාපෘති මඟින් පාරිසරික අලංකරණය ඇති කිරීම සංචාරකකර්මාන්තය පුළුල් කිරීමට මහෝපකාරී වේ. එමඟින් සංචාරක ක්ෂේත්‍රයේ නව රැකියා උත්පාදනය කර, ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග සුරක්ෂිතකළ හැකි අතරම, ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා ගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇත.

    සාම්පලතිව් කලපුව ගොඩකර, අනවසර ඉඩම් අල්ලා ගැනීම හේතුවෙන් ගංවතුර තර්ජන අවධානම ඉහළ යාම නිසා අවට ගම්මාන ජල ගැලීම් තත්ත්වයටගොදුරු වී ඇති අතර එහි පවතින ජෛව විවිධත්වය හා සතුන්ගේ වාසස්ථාන විනාශ වීම හේතුවෙන් සංචාරක අකර්ෂණය අඩු වී ඇත.

    එබැවින් සංක්‍රමණික පක්ෂීන්ගේ තෝතැන්නක් වූ සාම්පලතිව් කලපුවේ ජෛව විවිධත්වය ආරක්ෂා කර, දිගුකාලීන සංරක්ෂණය තහවුරු කිරීමත් දැනටඅවිධිමත් ලෙස සිදුවන අනවසර අත්පත් කර ගැනීම් අවම කර, සංවර්ධන කටයුතු පරිසර හානියකින් තොරව සිදු කිරීමටත්, මෙම ප්‍රදේශය ස්වභාවික වනරක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම කඩිනමින් සිදු කිරීමට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා එහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වන්ද්‍රා හේරත් මහත්මිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙමසාකච්ඡාවට සහභාගී විය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya