පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රජාත්‍රන්තවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමට රජය බැඳී සිටිනවා- අග්‍රාමාත්‍ය

    ජූලි 27, 2022

    වර්තමාන දේශපාලන යාන්ත්‍රණය වෙනස් කිරීමේ කර්තව්‍ය පාර්ලිමේන්තුව තුළ ආරම්භ කර ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(27) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පක්ෂ විපක්ෂ දෙපක්ෂයේ එකඟතාවයන්ට අනුව ව්‍යවස්ථා සංශෝධනය සිදුකිරීමේ ක්‍රියාදාමය ආරම්භ කර ඇති බවත් ඒ පිළිබඳව තමා ප්‍රතිඥා දෙන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    වර්තමානයේ රටෙ උද්ගත වූ මූල්‍ය අර්බුදය සහ ආර්ථික අර්බුදය හමුවේ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර රැල්ලකට මුහුණ දුන් බව කී අගමැතිවරයා, විවිධ දේශපාලන මත දැරුවද ප්‍රජාත්‍රන්තවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගනිමින් එමගින් රට ඉදිරියට ගෙන යාමට රජය බැඳී සිටින බවද කීය.

    පාර්ලිමේන්තුව තුළ විධායක කාරක සභා ක්‍රමය වහාම ඇති කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් සෑම මන්ත්‍රීවරයෙකුට මෙම කාරක සභා ක්‍රමය මඟින් ජාතික වශයෙන් තිබෙන සංවර්ධන කටයුතු සහ අණපනත් සම්මත කිරීම සඳහා එකඟතාවයකින් යුතුව කටයුතු කිරීමේ හැකියාව ඇතැයිද පෙන්වා දුන්නේය.

    තමා අවිහිංසාවාදී , ප්‍රජාත්‍රන්තවාදී දේශපාලන ආරම්භ කර වසර 50ක් ගත වී ඇති බවත් පාර්ලි‌මේන්තු ක්‍රමයේ විවිධ අවස්ථා ඔස්සේ ගමන කර ඇතයිද කී අගමැතිවරයා පසුගිය සති කිහිපය ශ්‍රී ලංකා ආර්ථිකය සහ ලංකා දේශපාලනය පෙර නොවූ වෙනස්කම් රාශියකට මුහුණ දුන් බව පෙන්වා දුන්නේය. ප්‍රජාත්‍රන්තවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් තමා කථානායවරයාට ස්තුතිවන්ත වන බවද අගමැතිවරයා පැවසීය.

    මෙරට ඇති නැති පරතරය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවත් මෙය දැවැන්ත ප්‍රශ්නයක් බව පෙන්වා දුන් අගමැතිවරයා මේ හේතුවෙන් සමාජ උද්ඝෝෂණ ඇති විය හැකි බවත් ඒ සඳහා ඉදිරියේදී වැඩපිළිවෙළක් සකස් කරන බවද කීය. කර්මානත් ක්ෂේත්‍රයට ආයෝජකයින් ගෙන්වා ගැනීම සඳහා අවධානය යොමු කර ඇතැයිද කීය. ගෑස් , විදුලි සහ ඉන්ධන ගැටළු සඳහාද ක්‍රමයෙන් විසඳුම් ලබා දෙන බවත් ඉන්ධන බෙදා හැරීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් කීය.

    මෙම අභියෝගයන්ගෙන් පිරුණු කාලපරිච්ඡේදයේ දී එම අභියෝග ජය ගැනීම සඳහා සහාය වන්නැයි පක්ෂ විපක්ෂ සියල්ලන්ගෙන් ම අගමැතිවරයා ඉල්ලා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya