2022 ජූලි 17 දිනැති අංක 2288/30 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ යෝජනා විවාදය ආරම්භ කරමින් සභානායකවරයා මේ බව සඳහන් කළේය.
එදා පාර්ලිමේන්තුව අත් පත් කර ගැනීමට අරගලකරුවන් 4000ක් මෙතනට ඇවිත් තිබෙනවා. පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමට හමුදාව යෙද වූයේ නැත්නම් අද පාර්ලිමේන්තුවක් නැහැ. එක් යුගයක් තිබුණා පාර්ලිමේන්තුවේ හැමදාම හදිසි නීති විවාදය පැවැත් වුණා. මේවා බැලිය යුත්තේ හැගීම් වලින් හෝ දේශපාලන කෝණයෙන් නොවන බවද කීය.
හදිසි නීති තත්වය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූල තත්වය පැහැදිළි කළ සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයාට හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව ඇති බව පෙන්වා දුන්නේය. ඉතිහාසයේ වරින් වර හදිසි නීති තත්වයන් ප්‍රකාශයට පත් කළ අවස්ථා සම්බන්ධයෙන් පෙන්වා දුන් සභානායකවරයා 1971 වර්ෂයේ ඇති තරුණ නැගිටීම් සමග හදිසි නීතිය ක්‍රියාත්මක වූ බවත් තරුණ ජීවත රැසක් විනාශ වී තවත් විශාල ප්‍රමාණයක් පුනරුත්ථාපනය කළ බවද කීය.
තවදුරටත් අඳහස් දැක් වූ සභානායකවරයා;
''සොල්බරි ව්‍යවස්ථාවට අනුව පත් වූ ආණ්ඩුව අයුධ සන්නද්ධ අරගලයකින් වෙනස් කළ අවස්ථාවක් තමයි ඒ. ඒතනින් ආර්ථිකය පස්සට ගියේ නැද්ද? 77 දී තෙල් අර්බුධයක් ආවා, පෝලිම් යුගයක් තිබුණා. 88,89,90 යුගය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත් , හදිසි නීතියත් දෙකම එදා ක්‍රියාත්මක වුණා. අත්අඩංගුවට පත් වූ තරුණ තරුණියන් දහස් ගණනක් වෙනුවෙන් මම එදා පෙනී සිටියා. පාර්ලිමේන්තුව තුළ බෝම්බ පිපුරුණා. නීතිවේදීන් විශාල පිරිසක් රට හැර ගියා. ඒත් ඒ අය වෙනුවෙන් කතා කරන්න කවුරුත් එදා හිටියේ නැහැ. ඒත් 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගේන්න එදා ජනාධිපතිවරයා කටයුතු කළා. මේ ඉතිහාසය අපි මතක් කරන් ඔින. 88,89 යුගයේදී මෙරට 60,000ක් තරුණයෝ ඝාතනය වුණා. රාජ්‍ය දේපළ ගිනි තැබූ යුග කීයක් අපි පසු කළාද? අපේ රටේ මූලික නීතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. මෙම නීති පනවා ඇත්තේ අවශ්‍ය අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීමට.
පසුගිය අප්‍රේල් මාසයේ හිටපු ජනාධිපතිවරයාගේ නිවෙසට ප්‍රහාර එල්ල කිරීමේ සිට මේ දක්වා සිද්ධි ගණනාවක් වූ බවත් මැති ඇමතිවරුන් රැසකගේ නිවාස ගිනි තබා, නිවෙස් වල තිබූ ුද්ධ ප්‍රතිමා පව විනාශ කළ බව සභානායවරයා මෙහිදී සිහිපත් කළේය. මේ අරගල භූමිය තුළ විදෙස් බලවේග තිබෙනවද අපට සැකයක් ආවා. ජාතික නාළිකාවට ඇතුල් වී විකාශනයට බාධා කළ පුද්ගලයෙක් විදේශගත වීමට ගොස් ඊයේ අත්අඩංගුවට ගත්තා. ''
c