පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    අරගල භූමිය, රට අස්ථාවර කරන ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණ දියත්කරන තිප්පොළක් නොවිය යුතුයි

    ජූලි 27, 2022

    අරගල භූමිය රටේ පාලකයන් නෙරපා හැර,රට අස්ථාවර කරන,ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණ දියත්කරන තිප්පොළක් නොවිය යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද(27) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පෝට් සිටි වරාය නගර ව්‍යාපෘතිය හරහා ගෙන්වා ගැනීමට අපේක්ෂිත ජාත්‍යන්තර ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය සඳහා අරගල භූමිය අහිතකර බලපෑම් ඇති කර තිබෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 2022 ජූලි 17 දිනැති අංක 2288/30 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ යෝජනා විවාදයේ දී අදහස් දක්වමිනි.

     

    අරගලකරුවන් නිතරම කීවේ ගෝඨාභය රාජපකෂ මහතා ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වන තුරු අරගලය පවත්වන බවයි. මේ වන විට ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එම ධූරයෙන් ඉවත් වී තිබියදීත් ගෝල්ෆේස් අරගලය පවත්වාගෙන යාම තේරුමක් නැතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය

    මෙම ස්ථානය තවදුරටත් රටේ පාලකයන් නෙරපා හැර,රට අස්ථාවර කරන,ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණ දියත්කරන තිප්පොළක් නොවිය යුතුයි. මෙම සාමකාමී අරගලය හරහා ඇතැම් දේශපාලක්ඥයින් තම දේශපාලන උවමනාවන් ඉටුකර ගත් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ගෝල්ෆේස් පිටිය පොදු දේපළකි. මෙය පිහිටා ඇත්තේ ප්‍රධාන ආර්ථික මර්මස්ථානයකි.මෙහි ප්‍රධානපෙළේ සංචාරක හෝටල් රැසක් පිහිටා තිබේ. එමෙන්ම පෝට් සිටි ජාත්‍යන්තර ආයෝජන මධ්‍යස්ථානය සහ කොළඹ වරාය පිහිටා ඇත්තේද මෙම ස්ථානයේයි. මෙම භූමිය තුළ සාමාන්‍ය ජනතාවට නිදහසේ හැසිරීමට අද බාධාවක්.මෙම භූමිය නඩත්තු කිරීම සඳහා විශාල වියදමක් වැය වනවා'' යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

     

     

    c

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya