වෙන්න යන රුදුරු ත්‍රස්තවාදී ව්‍යසනයෙන් රට බේරාගෙන නිරායුධ අවිහිංසක මිනිසුන්ට සාමකාමීව ජීවත් වීම සඳහා ඇති අයිතිය තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ සඳහා ශක්තිය සැපයීමට මෙම හදිසි නීතිය පැනවීම සඳහා සහාය වන්නැයි ද බන්දුල ගුණවර්ධන මහතා පක්ෂ විපක්ෂ සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටියේය.
කාලාන්තරයක් තිස්සේ සැළසුම් සහගත ලෙස ත්‍රස්තවාදය පාවිච්චි කරමින් ප්‍රජාත්‍රන්තවාදී ව්‍යුහය වෙනස් කරමින් බිය වද්දවා එම බිය තුළින් ආණ්ඩු වෙනස් කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් කළින් එළියට පැමිණීමක් ලෙස තමා මෙම දේශපාලන සිද්ධි දාමය දකින බවද ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.