ඒ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය. යෝජනාවට පක්ෂව ඡන්ද 120 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 63 ක් ලැබුණි
2022 ජූලි 17 දිනැති අංක 2288/30 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් එවකට වැඩබලන ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශනය සිදුකොට ඇති අතර නෛතික ප්‍රතිපාදන අනුව එම හදිසි අවස්ථා ප්‍රකාශනය සදහා දින 14 ක් තුළ පාර්ලිමේන්තුවේ අනුමතිය ලබා නොගතහොත් එය අවලංගු වී යනු ඇත.
ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජිවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යෑම සඳහා මහජන ආරක්ෂක ආඥාපනතේ ජනාධිපතිවරයා සතු බලතල ප්‍රකාරව මෙම නිවේදනය නිකුත් කර ඇති බවද ගැසට් පත්‍රයේ සදහන් වේ.