ජූනි 03, 2025
tami eng youtube  twitter facebook

    තුර්කියේ අන්ටල්යා නුවර දී ශ්‍රී ලංකා බතික් ප්‍රවර්ධනය කරයි

    ජූලි 28, 2022

    තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අන්ටල්යා හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් අලි කම්බුරොග්ලු මහතාගේ සහයෝගය සහිතව ශ්‍රී ලංකාවේ බතික් ප්‍රවර්ධන වැඩසටහනේ දෙවැනි අදියර 2022 ජූලි 20 වැනි දින සංවිධානය කළේය.

     

     

    මෙම උත්සවය තුර්කියේ සංචාරක කේන්ද්‍රස්ථානය වන අන්ටල්යා නුවර කොන්යාල්ටි හි පිහිටි බීච්පාර්ක්හි දී පැවැත්විණි. මෙම අවස්ථාවට සහභාගී වූ අමුත්තන් ශ්‍රී ලංකාවේ බතික් සහ අත්යන්ත්‍ර සාරි, රැප් අරවුන්ඩ් ඇඳුම් (wrap- arounds), සාලු සහ අනෙකුත් ඇඳුම් සතු විචිත්‍රත්වය අගය කළ අතර, ඊ-වාණිජ්‍ය වේදිකා හරහා ශ්‍රී ලාංකික සැපයුම්කරුවන් සමඟ සම්බන්ධ වීම කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ හ.

     

    තානාපති රිස්වි හසන් මැතිතුමා මෙම උත්සවය අතරතුර, ශ්‍රී ලංකාවේ විලාසිතා ක්ෂේත්‍රය සහ බතික් සහ අත්යන්ත්‍රවල සුවිශේෂීත්වය පිළිබඳව අමුත්තන් දැනුම්වත් කළේ ය. ශ්‍රී ලංකාවේ බතික් සහ අත්යන්ත්‍ර කර්මාන්තය පමණක් නොව, කෙටි චිත්‍රපට කර්මාන්තය ද ගවේෂණය කරන ලෙස නිර්වේතනික කොන්සල් කම්බුරොග්ලු මහතා අමුත්තන්ට අරයුම් කළේ ය. ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට පහක් මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු අතර, උත්සවයට පැමිණි ආරාධිතයන් හට ශ්‍රී ලාංකික රසකැවිලි ද පිරිනමන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya