පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දීය මහ කොමසාරිස්වරයා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

    ජූලි 28, 2022

    ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ජූලි 26 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී, ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත් වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා හමුවිය.

     

    මෙම හමුව අතරතුර සිය අදහස් පළ කළ මහ කොමසාරිස්වරයා, වත්මන් ආර්ථික අභියෝග හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහය පිළිබඳව විදේශ අමාත්‍යවරයා දැනුම්වත් කළේ ය. විශේෂයෙන්ම මෙම දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් අමාත්‍ය අලි සබ්‍රි මහතා ඉන්දීය ජනතාවට සහ ඉන්දීය රජය වෙත සිය ස්තූතිය පළ කළේ ය.

    දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික නිරතවීම්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළ අමාත්‍ය අලි සබ්‍රි මහතා සහ මහ කොමසාරිස්වරයා, දෙරට අතර පවත්නා බහුවිධ සහයෝගීතාව පිළිබඳව තෘප්තියට පත්වන බවද අවධාරණය කළහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya