පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අතර හමුවක්

    ජූලි 29, 2022

    ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි (Mizukoshi Hideaki) මහතා හා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර හමුවක් බත්තරමුල්ල මගනැගුම මහමැදුර පරිශුයේ පිහිටි මහාමාර්ග අමත්‍යංශයේ දී පැවැත්විණි.

    ජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධන කර දෙරට අතර ද්වි පාර්ශික සම්බන්ධතා වර්ධනය කර ගැනීම් සම්බන්ධයෙනුත් ඉදිරියේදී ප්‍රවාහන හා මහාමාර්ග ක්ෂේත්‍රය වර්ධන කිරීම සදහා ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන් පිළිබඳව මෙහි දී සාකච්ඡාවට බදුන් විය.

    එමෙන්ම දැනට ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික අර්බුධයෙන් මිදීම සදහා ජපාන රජයේ සහයෝගය නොපිරිහෙලා ලබාදීමට කටයුතු කරන බව ජපන් තානාපතිවරයා මෙහිදී පැවසීය.


    මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්.පේමසිරි, ජපාන දූත මණ්ඩල ප්‍රධානී කත්සුකි කොතාරෝ (Katsuki Kotaro), ආර්ථික කටයුතු ප්‍රධානී චිහාරෝ හෝෂියායි (Hoshiai Chiharu) ඇතුළු ජපාන තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් සහභාගි වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya