පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය හා සහකාර සංවිධායකවරු පත් කෙරේ

    ජූලි 29, 2022

    පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් සහ සහකාර සංවිධායකවරුන්ට ඊට අදාළ පත්වීම් ලිපි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් (27) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පිරිනැමිණි.

     ඒ අනුව නීතීඥ සාගර කාරියවසම් ජයන්ත කැටගොඩ යන මන්ත්‍රීවරුන් නියෝජ්‍ය සංවිධායකවරු ලෙසද කෝකිලා ගුණවර්ධන, මධුර විතානගේ, තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරයන් සහකාර
    සංවිධායකවරු ලෙසද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අදාළ පත්වීම් ලිපි ලබා ගත්හ.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙන්ම ජනාධිපති අතිරේක ලේකම් හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් නීතීඥ චමින්ද කුලරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හා සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්තුරුද එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya