පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    චීන තානාපති විදේශ ඇමති හමුවෙයි

    ජූලි 29, 2022

    විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ජූලි 27 වැනි දින අමාත්‍යාංශයේදී චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා හමුවිය.

    ආරම්භයේදීම, විදේශ අමාත්‍යවරයාගේ නව පත්වීම පිළිබඳව සුබ පැතුම් එක් කළ තානාපති ෂෙන්හොන්ග් මහතා, රාජ්‍ය මන්ත්‍රණ සභික සහ චීනයේ විදේශ අමාත්‍ය වැංග් යී මහතාගේ සුබපැතුම් පණිවුඩය ද භාර දුන්නේය.

    ශ්‍රී ලංකාව සහ චීනය දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සහ ආර්ථික සබඳතා සහිත සාම්ප්‍රදායික මිත්‍ර රටවල් වන බව විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. රජයන් අතර සහ ජනතාවන් අතර පවත්නා සම්බන්ධතා ඇතුළු ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව දෙපාර්ශ්වයම ඉමහත් තෘප්තිය පළ කළහ.

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් ද මෙම හමුව සඳහා සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya