පාසල් ළමයින් සඳහා නව බස් රථ සේවාවක් හඳුන්වා දීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ඒ අනුව එළඹෙන සඳුදා සිටනව සේවාව සඳහා බස් රථ 40 ක් පමණ යෙදවීමට සැළසුම් කර තිබේ. පාසල් දරුවන්ගෙන් අය කරනුයේ සාමාන්‍ය බස් ගාස්තුව පමණයි. පළමු අදියර යටතේ බස්නාහිර පළාතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
කොළඹ පිහිටි ප්‍රධාන පාසල් සහ හෝමාගම, ගම්පහ, කලුතර, හොරණ, මහරගම ප්‍රදේශ වල පිහිටි ප්‍රධාන පාසල්වල දරුවන්ගේ ගමන් පහසුව සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.
බස් රථ උදෑසන 7.30 පෙර පාසල වෙත ළඟා වන අතර ප.ව 1.30 සිට පාසල් අසලින් පිටත් වනවා. මෙම සේවයට අනුබද්ධ බස් රථ සඳහා ඉන්ධන සැපයීමේ ක්‍රමවත් වැඩපිළිවලක් ක්‍රියාත්මක කෙරෙන අතර මුල් අදියර බස්නාහිර පළාතට සීමා කෙරෙනවා.
වැඩසටහනට ලැබෙන ප්‍රතිචාර හා ඉල්ලීම් අනුව බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමට සහ සේවාව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා. මීට අමතරව සිසු සැරිය සේවාව ද ක්‍රියාත්මකයි.
1955 ක්ෂණික දුරකථන අංකයෙන් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම සේවාව පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.