පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ඊශ්‍රායල් රැකියා අපේක්ෂකයන් මුහුණ දෙන ගැටළු වලට එරට රජය සමග සාකච්ඡා කර විසඳුම් ලබාදෙනවා- ඇමති මනුෂ නානායක්කාර

    ජූලි 30, 2022

    ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඊශ්‍රායල් රැකියා සම්බන්ධයෙන් වර්තමානයේ පැනනැගී ඇති ගැටළු සඳහා කඩිනමින් එරට රජය සමග සාකච්ඡා කර විසඳුම් ලබාදෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේය.

    ඊශ්‍රායල් රැකියා සඳහා දැනට රජය මගින් පමණක් ශ්‍රමිකයන් යොමුකරන බැවින් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන වලට ද ඒ සඳහා අවස්ථාව ලබාදීමට ඇති හැකියාව පිළිබඳව අදාල බලධාරීන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීවේය

    මනුෂ නානායක්කාර මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊශ්‍රායල් රැකියා අපේක්ෂිතයන් පිරිසක් අද (29) ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී හමුවූ අවස්ථාවේදීය. එම අවස්ථාවේදී රැකියා අපේක්ෂිතයින් තම ගැටළු අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදී.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ඊශ්‍රායල් රැකියා ලබාදීමේ දැනට ක්‍රියාත්මක ලොතරැයි ක්‍රමයේ පවතින අඩුපාඩු මගහරවා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා බඳවාගන්නා වයස් සීමාව වැඩිකිරීමට ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බවත්ය. එසේම ඊශ්‍රාලයේ වැඩි රැකියා අවස්ථා ලාබාගැනීමට එරට අදාල බලධාරීන් සමග සාකච්ඡා කරන බවත් සඳහන් කළේය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, අමාත්‍යතුමාගේ පුද්ගලික ලේකම් ශාන් යහම්පත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya