පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ධාවනයෙන් ඉවත්කර තිබූ බස්රථ 800ක් නැවත ධාවනයට

    ජූලි 30, 2022

    දිවයින පුරා ලංගම ඩිපෝවල ටයර් සහ අමතර කොටස් හිඟය හේතුවෙන් ධාවනයෙන් ඉවත්කර තිබූ බස්රථ 800ක් නැවත ධාවනයට යෙදවීමට ප්‍රවාහන අමාත්‍යාංශය විසින් කටයුතු සූදානම් කර ඇත.

    ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ඉල්ලීම පරිදි මෙම බස් රථවලට අවශ්‍ය අමතර කොටස් කඩිනමින් ලබාගැනීම සඳහා පසුගියදා පැවති කැබිනට් මණ්ඩයේදී අනුමැතිය හිමි විය.

    ඒ අනුව නැවතත් මෙම බස්රථ ධාවනයට සුදුසු පරිදි අලූත්වැඩියා කල අතර එලෙස අලූත්වැඩියා කෙරුණු බස්රථ 800ක් දිවයින පුරා ලංගම ඩිපෝ 105ක් මගින් එළඹෙන අගෝස්තු පළමුවැනිදා සිට ධාවනයේ යොදවනු ඇත.

    මෙම බස්රථ නැවත ධාවනයට එක්වීමත් සමඟ දැනට පවතින බස්රථ හිඟය හේතුවෙන් මගී ජනතාව පත්වන අපහසුතාවයන් මඟහැරී පොදු ප්‍රවාහන සේවය වඩාත් කාර්‍යක්ෂම වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya