නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ආරම්භ කිරිමට අදාළ පහත සඳහන් ලිපි ලේඛණ පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ ( www.parlaiment.lk ) දැනටමත් උඩුගත කොට ඇති බවද මහලේකම්වරයා දන්වා සිටී.
ඒ අනුව නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය වාර අවසාන කරමින් ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද ප්‍රකාශනය ඇතුළත් 2022.07.28 දිනැති අංක 2290/35 දරන අති විශේෂ ගැසට් පත්‍රය, නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත්ත කිරීමට අදාළ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සහ එදිනට අදාළ විස්තර සටහන මෙසේ පාර්ලිමේන්තු වෙබ් අඩවිය තුළින් පරිශීලනය කළ හැකි බව මහලේකම්වරයා දන්වා සිටි.