2014 වර්ෂයේ සිට මේ දක්වා මහා පරිමාණ විදුලිබල ව්‍යාපෘති මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති අතර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ලබා ගත යුතු ප්‍රගතිය මෙතෙක් ලබා ගෙන නොමැති බවත් ඒ වෙනුවෙන් සිදු කරන මන්දගාමී වැඩ කිරීමේ ස්වභාවය වෙනස් කිරීමට අවශ්‍ය වෙනස් කිරීම් සිදු කිරීමට සිදු වනු ඇති බවද එහිදී සාකච්ඡා විය.
විදුලි බල මණ්ඩලය අනිවාර්ය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කිරීම මගින් මෙය සිදු කිරීමට හැකි වනු ඇති බවත් මේ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිව්‍යුහගත සැලසුම් මගින් විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම කොටස් තුනකට් වෙන් කර කටයුතු කල යුතු බවත් මේ වෙනුවෙන් අවශ්‍ය කඩිනම් කැබිනට් අනුමැතිය සහ පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වේ.
මෙගා වොට් 1400ක පමණ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් තාවකාලික අවසර බල පත්‍ර සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් ලබා දී තිබුනත් මෙතෙක් එම ව්‍යාපෘති සිදු කිරීමට අවශ්‍ය පහසුකම් විදුලිබල මණ්ඩලය ලබා දී නොමැති අතර ඉදිරියේදී ගල් අඟුරු සහ ඉන්ධන මත යැපීමට කිසි සේත් රටට නොහැකි අතර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ප්‍රමුඛත්වයෙන් සැලසුම් කල යුතු බවද සාකච්ඡා විය.