මානව සම්පත් සංවර්ධනය හා ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ වසර 20ක පමණ පලපුරුද්දක් සහිත කුමාරසිංහ මහතා වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වේ.
ඉන්දියාවේ මහත්මා ගාන්ධි විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියකු (EMBA, Mahathma Gandhi University) වන කුමාරසිංහ මහතා, මෙට්‍රොපොලිටන් ආයතනයේ සම්බන්ධීකරණ අධ්‍යක්ෂවරයා ලෙස ද (Contract Director of Metropolitan Advanced Technologies Private Limited), ATSL International (PVT) LTD ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ලෙස ද, ඇක්සස් ජාත්‍යන්තර පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරීවරයකු ලෙස ද කටයුතු කර ඇති අතර තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදනය පිළිබඳව ඉහළ තනතුරු රැසක කටයුතු කරමින් සන්නිවේදන ක්ෂේත්‍රයට විශේෂ දායකත්වයක් ලබාදී තිබේ.
වැඩ භාරගත් මහේන්ද්‍ර කුමාරසිංහ මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 20 වන සභාපතිවරයා වේ.