පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිය අධිකරණ ඇමති හමුවෙයි

    ජූලි 31, 2022

    අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනී රීටා ජී. මන්නෙල්ලා (Rita G.Mannella) මහත්මිය අතර හමුවක් (29) අධිකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවත්විණි.

    අභියෝගාත්මක කාලය තුළ අධිකරණ අමාත්‍ය ධූරය භාර ගනිමින් කටයුතු කිරීම පිළිබදව අධිකරණ අමාත්‍යවරයාට සුබපැතුම් එක් කරන බවත්, ශ්‍රි ලංකාවමුහුණදී ඇති අභියෝග ජය ගැනීම සදහා තම රටේ උපරිම සහාය ලබා දෙන බවත්, තානාපතිනිය එහිදී සදහන් කළාය.

    දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම හා වර්තමානය වන විට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමපිළිබදව මෙහිදී අවධානය යොමු විය.

    ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා ඉතාලි රජය සෑම අවස්ථාවකම සහාය ලබාදී ඇති බවත්, මේ වන විට මුහුණ දී සිටින අර්බුදකාරී තත්වයන් ජය ගැනීම සදහාද උපරීම සහයෝගය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.

    අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya