පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    අද සිට පාසල් සතියේ දින තුනයි - මාර්ග ගත ක්‍රමයට දින දෙකක්

    අගෝස්තු 01, 2022

    2022 අගෝස්තු 01 සිට 05 දින දක්වා සතිය තුළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳුදා අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම ද බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි කි‍්‍රයාරකම් ලබාදීමට සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    2022 අගෝස්තු 01 සිට 05 දින දක්වා සතිය තුළ පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීම

    2022.08.01 සිට පාසල් පැවත්වීම සම්බන්ධයෙන් (30 දින) අධ්‍යාපන අමාත්‍යංශයේ දී අධ්‍යාපන අමාත්‍යවරයා, අධ්‍යාපන ලේකම් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිළධාරීන් සමඟ මාර්ගගත තාක්ෂණය ඔස්සේ පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පාළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගෙන් ලබාගන්නා ලද අදහස්, මත 2022.07.19 වන දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයට අනුව, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජය/සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලූම විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ලබා දී ඇති උපදෙස් පරිදි, පසුගිය සතිය තුළ පාසල් පැවත්වූ ආකාරයටම 2022 අගෝස්තු 01 සිට 05 දින දක්වා සතිය තුළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳුදා අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම ද බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි කි‍්‍රයාරකම් ලබාදීමට සිදුකෙරේ. නැතහොත් මාර්ගගතව ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට ද ඉඩප‍්‍රස්ථාව ඇත.

    එසේ වුවද ප‍්‍රවාහන අපහසුතා නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ එකඟතාව සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ අනුමැතිය මත බදාදා සහ සිකුරාදා දිනවල ද පාසල් පැවැත්විය හැකිය. මෙහිදී පාසල් තුළ පවතින තත්වයන් සලකා සෑම ගුරුවරයකුටම අවම වශයෙන් දින තුනක් පාසලට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට හැකිවන ලෙස නම්‍යශීලී කාල සටහනක් සකස් කළ හැකිය.

    පළාත් ප‍්‍රවාහන අධිකාරිය පාසල් සේවය සඳහා වෙන්වූ පෞද්ගලික බස් රථ පාසල් සිසුන් ප‍්‍රවාහනය සඳහා යොදවන අතර සාමාන්‍ය බස් ගාස්තුව ගෙවා ගුරුවරුන්ට සහ සිසුන්ට එමගින් ප‍්‍රවාහන පහසුකම් සලසා ගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya