පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ඉල්ලීමට පත්කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටු වාර්තාව ජනාධිපති ලේකම්ට

    අගෝස්තු 01, 2022

    හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ඉල්ලීමට පත්කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටු වාර්තාව ජනාධිපති ලේකම්ට භාර දෙයි  

    ජපානයේ තයිසේ සමාගමෙන් අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ වාර්තා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීමට අනුව පත් කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවේ වාර්තාව  (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත භාර දුන්නේය. පරීක්ෂණ කමිටුවේ සභාපතිනි විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසින් කමිටු වාර්තාව ජනාධිපති ලේකම්තුමා වෙත භාරදුන් අතර කමිටුවේ සෙසු සාමාජිකයන් වන විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, එස්.එම්.ජී.කේ. පෙරේරා යන මහත්වරුන් එම අවස්ථාවට සහභාගී වූහ.

    මෙම ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව පසුගිය ජූලි 22 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් පත් කරන ලදී.

     

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya