මෙම වැඩසටහන සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා අද(01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා මේ බව පැවසීය.
දිළිඳු සහ අධ්‍යාපනයට ආධාර අවශ්‍ය, දෙමව්පිය රැකවරණය නොමැති දරුවන් රැක බලා ගැනීමේ සහ අධාරකිරීමේ වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම සමාරම්භක වැඩසටහන අගෝස්තු 03 දින උදෑසන 10.00ට සෙත්සිරිපාය පරිශ්‍රය තුළ ආරම්භ වන අතර එහිදී සංකේතාත්මකව දරුවන් 20 දෙනෙක් සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙයි.
මෙවැනි දරුවන් හඳුනාගෙන එම දරුවන් සඳහා ආධාර ලබා දීමට කැමති විශාල පිරිසක් මෙරට මෙන්ම විදේශයන්හි ද සිටින බව පෙන්වා දුන් ලේකම්වරයා, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය මඟින් මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සිදු වන බව සඳහන් කළේය.
සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම අනුයුක්ත කර ඇති ළමා හිමිකම් ප්‍රවර්ධනය නිලධාරී, විසින් බිම් මට්ටමේ සිට දරුවන් හඳුනාගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බව, මෙම අවස්ථාවට සහභාගී වූ ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති තනූජා දිසානායක මහත්මිය සඳහන් කළාය. මෙම ජාලය ඉතා ශක්තිමත් ලෙස ක්‍රියාත්මක බවත් දැනට මෙවැනි දරුවන් 26,300ට අධික ප්‍රමාණයක් හදුනාගෙන ඇතැයිද ඇය සදහන් කළාය.
මෙම දරුවන් සම්බන්ධයෙන් දැනුම්දීමට 0769905755 යන දුරකථනය සහ 0112186062 දරණ කාර්යාල අංකය ක්‍රියාත්මක වේ. දරුවන් පිළිබඳ කටයුතු කිරීමේදී සමාජය සංවේදී කිරීම තුළින් සෑම දරුවකුටම සුරක්ෂිත පවුල් පරිසරයක් ඇති කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ