සමාරම්භක වැඩසටහන 2022.08.03 දින ආරම්භ වන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පවසයි. ලේකම්වරයා මේ බව සඳහන් කළේ “අත්වැල” වැඩසටහනේ සමාරම්භක උත්සවය ගැන ජනතාව දැනුවත් කිරීමට (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
වැඩසටහන අගෝස්තු 03 දින සෙත්සිරි දෙවන අදියරේ, 11 වන මහල් ශ්‍රවණාගාරයේදී පෙ.ව. 10.00 ට ආරම්භ කෙරේ. වැඩසටහන අධ්‍යාපනය, නිවාස වැනි මූලික අවශ්‍යතා නැති, යහපත් ආර්ථික හා සමාජීය වටපිටාවක් නැති හා රෝගී දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරේ. දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපනය, පෝෂණය, වෛද්‍ය අවශ්‍යතා සඳහා මූල්‍යමය, ද්‍රව්‍යමය හා සේවා සැපයීමට අවශ්‍ය ආධාර ලබා දීමට පරිත්‍යාගශීලින්ට හැකියාව ඇත.
දරුවන් වෙනුවෙන් සද්භාවයෙන් සහයක් ලබා දීමට කැමති දේශීය, විදේශීය තැනැත්තෙකුට අනුග්‍රාහක මාපියෙකු වීමේ සුදුසුකම් ඇත. පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවට පැමිණ හෝ දුරකතන ඇමතුමක් දී “අත්වැල” අනුග්‍රාහක මාපිය යෝජනා ක්‍රමයට ලියාපදිංචි වීමට තොරතුරු ලබා ගත හැකිය.
පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් තනූජා දිසානායක හා පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි නිර්මලී පෙරේරා යන මහත්මීහූ
මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ.