අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,තරුණ හරිත දේශගුණ බලකාය (youth green climate corps) පිහිටුවීම සදහා මෙම ක්ෂේත්‍රයේ විද්වතුන්, ආචාර්ය, මහාචාර්යවරුන් සමඟ (01) ක්‍රීඩා හා යෞවන කටයතූ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දීය.
එහිදී අමාත්‍යවරයා මෙසේ පැවසීය.
ලෝකයේ කාලගුණික හා දේශගුණික විපර්යාස විශාල වශයෙන් වෙනස්වන මොහොතක තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත තරුණ හරිත දේශගුණ බලකාය (youth green climate corps) පිහිටුවීමට අපි අද කටයුතු කරනවා.
තරුණ හරිත දේශගුණ බලකාය හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් ලෝකයේ ඇගයීමට ලක් වනු ඇති බව නිසැකයි. අපේ තරුණ තරුණියන්ට තමා මේ හරහා ලැබෙන දැනුම,ලෝකය සමග එක්ව කටයුතු කිරීමට ලැබෙන අවස්තාවන් ඔවුන්ගේ අනාගතයට මහගු ආයෝජනයක් ලෙස පෙන්වා දිය හැකීය.
මෙම ක්ෂේත්‍රයේ විද්වතුන්, ආචාර්ය, මහාචාර්ය වරුන් ලෙස ඔබ සැමදෙනාම මම ගෞරවයෙන් පිළිගන්නවා. හරිත දේශගුණ බලකාය පිහිටුවීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල හා සැළසුම් ක්‍රියාත්මක කිරීමට සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීම අද සිදුවෙනවා. ඔබ සැමගේ වටිනා යෝජනා අදහස් අපිට ලබා දෙන්න. ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා නීත්‍යාණුකූල අනුමැතිය ලබාගෙන න මෙම වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රාමුව සැකසීම අද සාකච්ඡාවේ අරමුණයි.
මෙම පුලුල් විෂය තුල කටයුතු කිරීමේදී අපේ තරුණ තරුණියන් ලබන අත්දැකීම් හරිත ලෝකයක් නිර්මාණය කිරීමට අනාගත ලෝකය ස්භාවික දේශගුණික විපර්යාස නිසා ඇතිවන බලපෑම් වලින් මුදවා ගැනීමට නියමුවන් ලෙස කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනවා. පරිසර ආරක්ෂණය, ජෛව විවිධත්වය, වෙරළ ආරක්ෂණය හා පිරිසිදු කිරීම, පරිසරය වැඩි දියුණු කිරීම, පුනර්ජනනීය බලශක්තිය, ගං ඉවුරු ආරක්ෂණය, ජල මූලාශ්‍ර ආරක්ෂණය, වන වගාව, කාබනික පොහොර භාවිතය, පාරිසරික සංචාරක ව්‍යාපාර හා පරිසරයට සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් මෙම බලකාය හරහාහා නියාමනය කිරීමට බලාපොරොත්තු වේ.
මෙම අවස්තාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, අතිරේක ලේකම් සමන් වඩුගේ මහතා, ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශණ රත්නායක, හොරන දිස්ත්‍රික් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පී.ජී. හේමන්ත කුමාර මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව හා පරිසර විද්‍යා මහාචාර්ය දීප්ති වික්‍රමසිංහ මහත්මිය, මහාචාර්ය රන්ජිත් ප්‍රේමසිරි මහතා, නීතිඥ සහන් රන්වල මහතා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වන හා පරිසර අධ්‍යක්ෂ ඒ.එම්.කේ.බී. අත්තනායක මහතා, වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉංජිනේරු ඒ.එම්.ඒ.ජේ. අබේසිංහ මහතා, සහකාර අධ්‍යක්ෂ සමන් කුලසූරිය මහතා, නීතිඥ ජී.එල්. ආනන්දලාල් මහතා, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජේ.ඒ.ඩී.රොෂාන් මහතා, අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත පෙරේරා මහතා, සහකාර අධ්‍යක්ෂ එල්.එල්.ඩී.එස්.එරන්ද මහතා, පරිසර පද්ධති සංරක්ෂණ සහ කළමනාකරණ ව්‍යාපෘතියේ දනුෂ්ක වික්‍රමරත්න මහතා, අග්‍රාමාත්‍ය කාර්යාලයේ හිටපු තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ පී.ආර්.ඩී.සී.ප්‍රනාන්දු මහතා, වාර්මාර්ග හා මහවැලි අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ වසන්ත දුක්ගන්නාරාල මහතා සහභාගී වූහ