අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව බාලවයස්කාර දරුවෙකුගේ විවාහය සඳහා දෙමාපියන්ගේ කැමැත්ත අවශ්‍ය බවට වන උඩරට විවාහ සහ දික්කසාද පනතේ 11 කොටස අවලංගු කිරීම සහ එහි ඇති අනනුකූලතාවන් ඉවත් කිරීම පිණිස ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සඳමහා අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එම කෙටුම් පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය.
නව සංශෝධන ඇතුළත් මුස්ලිම් විවාහ නීති කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විවිධ ඉල්ලීම් ලැබුණු බවත් ඒ අනුව විශේෂඥ කමිටුවක් එ සඳහා පත් කළ බව කී අධිකරණ අමාත්‍යවරයා එම කමිටුවේ නිර්දේශ මේ වන විට ලැබී ඇති බව සඳහන් කළේය. සංශෝධන රාසියක් ඇතුළත් පනත් කෙටුම්පතක් සකස් කර ඇතැයිද කාන්තාවන්ගේ කැමැත්ත ද්වී විවාහ ආදී කරුණු සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ඡා කළ බවත් සති කිහිපයක් ඇතුළත අවසාන තීරණ ලබා ගැනීමෙන් පසු මෙම නීතිය කෙටුම්පත් කර ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද කීය.
වර්තමානයට ගැළපෙන සහ ජනතාව අතර අසමගිය ඇති නොවන පරිදි මෙම නීතිය සශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.