ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.
මාධ්‍ය වාර්තාකරණයේ යෙදුනු යම්කිසි මාධ්‍යවේදියෙකුට මාධ්‍ය වාර්තාකරණයේ දී ගැටළුවක් මතු වූයේ නම් ඒ පිළිබඳව වහාම දැනුවත් කරන ලෙස හෙතෙම පැවසීය.
එහෙත් මාධ්‍ය වාර්තාකරණයේ දී ඇතැම් මාධ්‍යවේදීන් වූ පුද්ගලයින් අරගලයේ යම් යම් ක්‍රියාවන් වලට සම්බන්ධ වූ වා යැයි ප්‍රශ්න ඇති විය හැකි නමුත් ඒ පිළිබඳව සෙවීමක් කළ යුතු බව ද ඒ මහතා මෙහි දී
අවධාරණය කළේය.
කෙසේවුව ද, මෙම අරගල සිදු කරන ස්ථාන වල මෙරට සිටින ඇති දැවැන්ත ව්‍යාපාරිකයින් පවා සිට ඇති බව ට තොරතුරු ලැබී ඇති බව ද හෙතෙම මෙහි දී සඳහන් කළ අතර මේ රටේ රාජ්‍යට හා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කඩාකප්පල්කාරී ක්‍රියා හෝ ත්‍රස්ත ක්‍රියා සිදු කර තිබේ නම් ඒවාට විරුද්ධව මිසක් සම්කාමි අරගලයට සම්බන්ධ වූ, එම මතවාද ඉදිරිපත් කෙරූ කිසිවෙකුට හෝ කරදරයක් සිදු නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.