ස්වාමීන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති 127 වන සමස්ත ලංකා දහම් පාසල් දිනය පිළිබද පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දක්වමිනි.
127 වන දහම් පාසල් දිනය නිමිත්තෙන් එළඹෙන 10 වනදා දුෂ්කරතාවයන්ට මුහුණදී ඇති දිගාමඩුලු දිසාවෙහි පදියතලාව සහ මහඔය ප්‍රදේශයන්හි විහාරස්ථාන වල අඩුපාඩු සොයා බලා ඒ්වාට පිළියම් යෙදීමටත්, පදිරිප්පුව, කල්මුනේ, අක්කරපත්තුව සහ පොතුවිල් යන කොට්ඨාශ වල ඇති දුෂ්කර වෙහෙර විහාර සංවර්ධනයට මෙන්ම ඒවායෙහි අඩුපාඩු සොයාබලා කටයුතු කිරීමේ වැඩපිළිවෙලක් සකසා ඇතැයි උන්වහන්සේ පැවසූහ.
ඉරිදා දිනය දහම්පාසල් දිනය සදහා වෙන් කරන ලෙස සමස්ථ ජාතිය වෙනුවෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළහ.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අතිරේක බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කීර්ති සිරිබද්ධන මහතා කියා සිටියේ දහම් පාසල් සදහා අවශ්‍ය භෞතික සහ ගුණාත්මක යටිතල පහසුකම් ලබාදීම දහම් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය බවයි.
එහිදී පෙළපොත් සංස්කරණය කර නිසි වේලාවන්හිදී ශාසනාරක්ෂක බල මණ්ඩල හරහා සම්බන්ධීකරණය කර දහම්පාසල් සදහා ලබාදීම සිදුකරන බවද, දහම්පාසල් ගුරුවරුන් සදහා අවශ්‍ය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත්, ඔවුන්ට අවශ්‍ය රජයෙන් නොමිලේ ලබාදෙන දීමනා ලබාදීමටත් අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණයද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් සිදුකරන බවද කියා සිටියේය.
127 වන දහම්පාසල් දිනය නිමිතිකරගෙන දැමුණු නිවුණු පුරවැසියන් බිහිකරන දහම් පාසල තව තවත් නගා සිටුවමින් සියලුම දරුවන් දහම් අධ්‍යාපනයට යොමුකරන ලෙස ජාතියට ආරාධනා කරන බව මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති, සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ආචාර්ය පූජ්‍ය කුඹල්ගොඩ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ පැවසූහ.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා හෝමාගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති, කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති, අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) පූජ්‍ය මාදෝවිට වජිරබුද්ධ ස්වාමීන් වහන්සේ සහභාගී වූහ.