ලොව පුරා රටවල් රැසක් මෙම දරුණු ව්‍යසනය හමුවේ දැඩි අර්බුදයකට ලක් වූ තත්ත්වයන් තුළ සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලිය හරහා එය අපට පාලනය කර ගැනීමට හැකි වූ අයුරින්ම එම ක්‍රමවේදයන් ඉතා සක්‍රීයව ක්‍රියාත්මක කළ යුතු යැයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
කොවිඩ්, ඩෙංගු ඇතුළු මේ වන විට රට තුළ පවතින සෞඛ්‍ය තත්වයන් සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම හදිසි සාකච්ඡාව එම අමාත්‍යාංශයේදී පැවැත්විණි.
වත්මන් කොවිඩ් තත්ත්වය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ අවධානය ඒ වෙනුවෙන් යොමු කිරීමට ජනාධිපතිතුමන් උපදෙස් ලබාදී ඇතැයි ද කොවිඩ් වසංගත තත්ත්වයක් යළි රට තුළ ඇති නොවීම කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු යැයිද අමාත්‍යවරයා මෙහිදී කීය. එමෙන්ම මේ වන විට රට තුළ පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කරමින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ මට්ටමින් අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.
විශේෂයෙන් වසර ගණනකට පසු පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍යයන් නැරඹීමට පැමිණෙන පිරිස් සඳහා නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම පිළිබඳව උපදෙස් දෙමින් දැනුවත් කරන ලෙස මෙහිදී ඉල්ලා සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා යළි ගොඩනැගෙමින් පවතින සංචාරක කර්මාන්තයට ද බාධාවක් නොවන අයුරින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිකුත් කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු යැයි කීය.
කොවිඩ් , ඩෙංගු තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම කෙරෙහි සෞඛ්‍ය අංශයන්හි විශේෂ අවධානය යොමු විය යුතු යැයිද ඒ සඳහා අධ්‍යාපන බලධාරින් සමග එක්ව වැඩපිළිවෙළ සකස් කළ යුතු බවද අමාත්‍ය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩී.ආර්.කේ.හේරත් මහතා...
මෙරට අත්‍යවශ්‍ය ඖෂධ 381 ක හිඟයක් පැවතුනද මේ වෙන විට එම හිඟය ඖෂධ 114 ක් දක්වා අඩු වී ඇතැයි පෙන්වා දුන්නේ ය. එමෙන්ම ජීවිතාරක්ෂක ඖෂධ 14 ම මේ වන විට රට තුළ පවතින බවත් ඉදිරියට අවශ්‍ය ඖෂධ ඇණවුම් මේ වන විට ලැබෙමින් පවතින බවද කීය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි වී සිටියහ.