නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය සඳහා වේත්‍රධාරීවරයා පෙරටුව, ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයට සම්ප්‍රාප්ත විය.
නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (3) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයට සැපත් විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය (28) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (අ) සහ (ආ) අනු ව්‍යවස්ථා අනුව පාර්ලිමේන්තුවේ එක් සභාවාරයක් අවසන්කොට නව සභාවාරයක් ආරම්භ කරන අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කොට මුලසුන දරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම මෙසේ සිදු කෙරේ