පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රධාන රාජ්‍ය ආයතන දෙකක් සඳහා නව ප්‍රධානීන් පත් කෙරේ

    අගෝස්තු 04, 2022

    ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණීයේ පළපුරුදු නිලධාරියෙකු වන ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා පත් කර ඇත.

    ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ලෙසද ගුණසිංහ මහතා මීට ඉහත කටයුතු කර ඇත.

    නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරියෙකු වන නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා, පත්කර ඇත.

    ජනාධිපති අතිරේක ලේකම් වරයෙකු ලෙස මීට පෙර කටයුතු කර ඇති නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සහ නව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා අද (08/04) දින ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් සිය පත්වීමට අදාල ලිපි බාර ගන්නා ලදි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya