ඒ අනුව බස්නාහිර, වයඹ, දකුණ, සහ මධ්‍යම යන පළාත්වලට විටින් විට තරමක තද වැසි ඇතිවිය හැකි අතර සබරගමුව සහ මධ්‍යම කඳුකරයට 60 මි.මී. වර්ෂාපතනයක් ලැබිය හැකියි. එමෙන්ම දිවයින හරහා සුළගේ වේගය වැඩිවිය හැකි අතර වයඹ, බස්නාහිර, දකුණ පළාත්වලටත් සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමටත් සුළගේ වේගය පැ.කි.මී 40-50 දක්වා වැඩිවිය හැකි බව ද ඒ මහතා පැවසීය.
ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බැවින් අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව ජනතාව ආරක්ෂාකාරීව කටයුතු කරන මෙන් ඉල්ලා සිටි ඒ මහතා මන්නාරමේ සිට කොළඹ පොතුවිල් දක්වා වූ ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීර වලත් සුළගේ වේගය පැ.කි.මී 60-70 දක්වා වැඩිවිය හැකි බැවින් ධිවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුවන ලෙසටද ජනතාව වෙත දැනුම් දුන්නේය.
එමෙන්ම, පුත්තලම සිට කොළඹ හරහා පොතුවිල් දක්වා වූ මුහුදු සීමාව රළු විය හැකි බැවින් උදම් රළ මීටර් 2.5 – 3.5 ත් ඉහළ යා හැකි බවත් සඳහන් කළ ඒ මහතා ඒ පිළිබඳව ද ජනතාව අවධානයෙන් පසුවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.