සුගත් දිසානායක මහතා මේ බව පැවසුවේ, අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
එසේම සුරක්ෂීත මධ්‍යස්ථානවල පවුල් 137කට අයත් පුද්ගලයන් 574ක් මේ වන විට ආරක්ෂිතව සිටින බව පෙන්වා දෙන ඒ මහතා පුද්ගලයන් 5දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් පැවසීය.මිය ගොස් ඇති පුද්ගලයන්ගෙන් එක් අයෙකු නුවරඑළිය ප්‍රදේශයේ නායයාම් නිසා මිය ගොස් ඇති අතර සෙසු පුද්ගලයන් සිව්දෙනා ගංවතුර හේතුවෙන් මිය ගිය නුවර , නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් වේ.
පූර්ණ නිවාස හානි එකක් සහ අර්ධ නිවාස හානි 1149ක් මේ වන විට වාර්තා වී ඇති බවද ඒ මහතා පැවසීය.
එසේම ඕනෑම හදිසි තත්වයකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකතන අංකය ඇමතීමෙන් තොරතුරු ලබා දිය හැකි බව පවසන ඒ මහතා තාක්ෂණික ආයතන ලබා දෙන පණිවිඩ හා උපදෙස් අනුගමනය කරන ලෙස ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කෙරේ.