මේ වන විටත් එම ආහාර ද්‍රව්‍ය දුම්රිය මාර්ගයෙන් දිස්ත්‍රික්කය වෙත රැගෙන එමින් පවතී. තලාව, තඹුත්තේගම, නැගෙනහිර නුවර පළාත, මධ්‍යම නුවරගම් පළාත, රඹෑව, පදවිය, නොච්චියාගම, හොරොව්පොතාන, කහටගස්දිගිලිය, මහවිලච්චිය, කැබිතිගොල්ලෑව, මැදවච්චිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨා වල ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මේ වන විට ආධාර තොග භාර දී අවසන්ය.
අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් සහල් කිලෝ ලක්ෂ 20 ක් හා කිරිපිටි කිලෝ 11250 ක් ලබා දීමට නියමිතයි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 ම ආවරණය වන පරිදි ආධාර ලබා දීමේ වැඩසටහන දියත් කෙරේ. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල එක්ව වැඩසටහන සම්බන්ධීකරණය කරන බව අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් විජය වනසිංහ මහතා පවසයි
DMU/Anuradhapura