ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිවුණු ගොඩනැගිල්ල නිම කෙරුණේ අදියර දෙකකින්. පළමු අදියර 2019 ඔක්තෝමබර් මස ආරම්භ කෙරුණු අතර ඒ සඳහා වැය වූ මුළු මුදල මිලියන 79.4 ක්.. දෙවන අදියර 2021 ජූලි මාසයේ ආරම්භ වූ අතර ඒ සඳහා වැය වූ මුළු මුදල රුපියල් මිලියන 61.6 කි. ඒ අනුව අවසන් නිමකිරිම් වලින් පසුව නුදුරේ දීම මෙම ගොඩනැගිල්ල කාර්යාල කටයතු සඳහා විවෘත කිරිමට නියමිතව ඇත.
මෙම නව ගොඩනැගිල්ලෙහි ඉදිකිරිම් පිලිබඳව සොයා බැලිමේ නිරික්ෂණය කිරිම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පසුගියදා එහි පැමිණියා. මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශිය ලේකම් ගාමිණි සේනාරත්න, සහකාර ප්‍රාදේශිය ලේකම් සංජය ලක්මාල් ඇතුළු නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.
DMU/Anuradhapura