අමාත්‍යවරයා මේ බව පැවසූවේ (04) දින මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාගාරයේ පැවති කොරියානු තානාපති ටයිකොන්‌ඩෝ ශුරතාවලියේ ජය සංඛේත ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණි.
මම අද සතුටු වෙනවා ජාතික ටයිකොන්ඩෝ සංගමය මෙරට සිටින කොරියානු තානාපතිතුමාට ගෞවරයක් ලෙස 2022 කොරියානු තානාපති ටයිකොන්ඩෝ ශුරතා කුසළානය පැවැත්වීම සම්බන්ධව. අපි ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ක්‍රීඩාව පිළිබදව විශාල උනන්දුවකින් සහ කැපවීමකින් කටයුතු කළ යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මට හොද අවබෝධයක් තිබෙනවා.
ජාත්‍යන්තර ඔලිම්පික් තරගාවලි, පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලි හරහා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රටට ගෞරවයක් ගෙන ඒමට අද හැකි වී තිබෙනවා. ඉදිරියේදී ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් ද ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගෙන ඒමට මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකිවේවා යි මම සුබ පතනවා.
ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අවධානය වැඩි වශයෙන් යොමු කරන ලෙස අපි සෑම සංගමයකින්ම ඉල්ලා සිටිනවා. අපි හැකි උපරිමෙන් ක්‍රීඩාව වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීමට එකගයි.
මෙවර තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1800 පමණ අයදුම් කර තිබු බව මට දැනගන්නට ලැබුණා. ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ අනාගතය පැහැදිලියි. දක්ෂ නිළධාරී මණ්ඩලයක් පත් වී සිටිනවා. අද පැවැත් වූ තරගාවලි දෙස බැලුවාම අපිට වැටහෙනවා ඉදිරියේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව රටට කීර්තියක්, පදක්කම් ගෙන එන දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් බිහිවෙන බව. මෙවර කොරියානු තානාපති ටයිකොන්‌ඩෝ ශුරතාවලියේ කුසළාන හා පදක්කම් දිනාගත් ඔබ සැමට සුබ පතනවා.
මෙම අවස්තාවට මෙරට සිටින කොරියානු තානාපති සන්තෝෂ් වොන්ජිං ජියොං ( Santhush Woonjin JEONG) මහතා, සභාපති මාස්ටර් ලීමහතා, ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති කංචන ජයරත්න මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති රවීන්ද්‍ර සමරවික්‍රම මහතා, ජාතික ටයිකොන්ඩෝ සංගමයේ සභාපති චමින්ද පුංචිහේවා මහතා ඇතුලු ටයිකොන්ඩෝ සංගමයේ නිළධාරීන් සහභාගී වූහ.