හඳුනා නොගත් මෘත ශරීර ඉවත් කිරීමට නොහැකිවීම හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්වයන් හා ඒ සඳහා නීතිමය වශයෙන් කටයුතු කළ හැකි ආකාරයපිළිබඳව මෙහිදී අවධානය යොමුවිය. රජයේ රෝහල් මෘත ශරීරාගාර තුළ පවතිනුයේ සීමිත ඉඩකඩ ප්‍රමාණයක් බවත්, හඳුනා නොගත් මෘත ශරීර තැන්පත්කර තිබීම හේතුවෙන් අනෙකුත් මෘත ශරීර තැන්පත් කිරීමේදී ගැටලු රැසකට මුහුණ දීමට රෝහල් බලධාරීන්ට සිදුව ඇති බවත් මෙහිදී අදහස් දක්වමින්සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු නිළධාරීන් පෙන්වා දෙන ලදී.
මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා පොලිස් දෙපාර්තමේන්තුව එක්ව සාකච්ඡා කර අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේසිදුවිය යුතු සංශෝධන හා ඊට අනුකූලව අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍යවරයා මෙහිදී නිළධාරීන්ටඋපදෙස් ලබාදුන්නේය.
මෙම අවස්ථාවට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, සෞඛ්‍ය අධ්‍යක්ෂජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ. වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නීතිඅධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී දර්ශණ ගාල්ලගේ යන මහත්ම මහත්මීන් සහභාගී විය.