පසුගියදා රැස්වූ කෘෂිකර්ම අමාත්‍යංශයේ මිල කමිටුව මෙම තීරණයකර ඇත.
ඒ අනුව නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 120ක්, සම්බා හා කැකුළු වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිල දීගැනීමට තීරණය කළ බව (04) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
යල කන්නයේ වී අස්වැන්න මිල දී ගැනීමේ දී ගොවි ජනතාවට ඉහළ මිලක් ලබා දීමත් සහල් නිශ්පාදනය සඳහා වී අලෙවි මණ්ඩලය ඉදිරිපත් වීම මගින්වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා දායකත්වය ලබා දීම මෙහි අරමුණ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
වී මිල දී ගැනීමේ දී දැනට වී අලෙවි මණ්ඩලය සතු මුදල් යොදා ගනිමින් ඒ සඳහා පියවර ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.