අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පසුගියදා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
ඉන්දීය රජය ලබාදුන් යූරියා පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 30000ක් බෙදා අවසන් බවත් ඒ මහතා පැවසීය.ඉන් වැඩි ප්‍රමාණයක් ලබා දී ඇත්තේඋතුරු මැද පළාතට වන අතර එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 9930ක් වේ.එසේම දකුණු පළාතට මෙ. ටො. 4454ක්, නැගෙනහිර පළාතට මෙ. ටො. 4350ක්, වයඹ පළාතට මෙ. ටො. 3907ක්, සබරගමුව පළාතට මෙ. ටො. 1130ක්, මධ්‍යම පළාතට 1425ක්, උතුරට 907ක්, බස්නාහිර පළාතට 1177 හා ඌවපළාතට 1180ක් වශයෙන් බෙදා දී තිබේ.
ඉන්දීය රජය ලබා දෙන ලද යුරියා පොහොර තත්ත්වයෙන් බාල බවත්, ඉන්දීය රජය ලබා දී ඇත්තේ විෂ සහිත පොහොරක් බවත් මෙම පොහොරවලබයියුරේට් ප්‍රතිශතය 1.5කට වඩා වැඩිබවත්, මේවා යෙදීම නිසා ගොයම් ගස් පිළිස්සී විනාශ වන බවත් එමනිසා මෙම පොහොර නොයොදන ලෙසත් සමහරදේශපාලන පක්ෂවල නියෝජිතයින් ප්‍රකාශ කර තිබූ බව අමාත්‍යවරයා පැවසීය.
නමුත් මේ වනවිට රටේ සියලුම ගොවිජනතාව මෙම පොහොර ඉහළ ගුණාත්මකභාවයක් සහිත බව පිළිගෙන ඇති අතර
ගොවි නියොජිතයින් පවසන ආකාරයට කුඹුරුවල ගොයම පොහොර යෙදීමෙන් පසු ඉතාමත් සාරවත්ව ඇති බව තහවුරු කර තිබෙන බවද අමාත්‍යවරයාපෙන්වා දුන්නේය.
අද ගොවීන් සෑම වගාවකටම මෙම පොහොර ඉල්ලා සිටින බවත් දැනට යම් පොහොර සංචිතයක් තිබෙන බැවින් ඒවා මාස් කන්නයේ දී වගාව සඳහා ලබාදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම වගාවන් සදහා අවශ්‍ය වල් පැළ මර්දනයට ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සදහා සළකා බලන බවත් පාර්ශ්ව ගණනාවක් විසින් ග්ලයිපොසේට්තහනම ඉවත් කරන ලෙස ඉල්ලා තිබෙන බවත් ඒ අනුව විවිධ පාර්ශ්වයන්හි අදහස් හා යෝජනා විමසීම මගින් ඉදිරියේදී වල්පැළැටි මර්දනයට ඉවහල් වනග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සඳහා පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.