කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යයේ විශේෂ අවස්ථා තේමා කර ගනිමින් පාසල් දරු දැරියන්ගේ සිතුවම් දැක්මක් ඊයේ (07) මහනුවර රැජිණ හෝටල් පරිශ්‍රය තුල සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සංවිධානය කර තිබු අතර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එය විවෘත විය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ, පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායන නිලමේ මහේන්ද්‍ර රත්වත්ත, අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.