පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    පොදු ප්‍රවාහනය වෙනුවෙන් වෙනමම QR කේතුවක් හඳුන්වා දීමට අවධානය

    අගෝස්තු 09, 2022

    පොදු ප්‍රවාහන සේවයේ නියැළී සිටින ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන එය වෙනුවෙන් වෙනමම QR කේතුවක් හඳුන්වාදීමට ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ නිලධාරීන් හා පැවති සාකච්ඡාවේදී තීරණය විය.

    එම සාකච්ඡාව,(08) පෙරවරුවේ ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    මෙමගින් ලංගම ඩිපෝ සහ දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් එළඹෙන සතිය වනවිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන තුරු පොදු ප්‍රවාහන සේවය සඳහා අවශ්‍ය ඉන්ධන අවශ්‍යතාවය ලංගම ඩිපෝ මගින් හා මාකුඹුර, බැස්ටියන් මාවතේ ඉන්ධන පිරවුම්හල් මගින් සිදු කිරීමට මෙහිදී තීරණය විය.

    ගමනාගමන කොමිසන් සභාව සහ පළාත් සභා ඒකාබද්ධව එම රථ නියාමනය කර අවශ්‍ය තොරතුරු ලබා දීමටත් එම තොරතුරු ද සැලකිල්ලට ගෙන අවශ්‍ය තීරණ වලට ලබන සතියේ එළඹීමටත් මෙහිදී තීරණය විය.

    මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති, ශ්‍රී ලංගම සභාපති ඇතුළු නිලධාරීන් පිරිසක් එක්විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya