ඒ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඉල්ලීමකට අනුවය.
හෛඩ්‍රි වතු යායට පැමිණි අමාත්‍යවරයා මහවැලි ගඟට ජලය සපයන අතුගංගා දෙකක් හරහා ඉදිව ඇති හෛඩ්‍රි පාලම හා බෝහිල් පාලම නිරීක්ෂණය කළේය. ඇද හැලුනු අධික වර්ෂාව නිසා මෙම ගංගාවල ජල මට්ටම ඉහල යාමෙන් මෙම පාලම් අනාරක්ෂිත තත්වයට පත්ව ඇත. ඒ ගැන අවධානවය යොමු කළ අමාත්‍යවරයා මෙම පාලම් දෙකේ පැති බැමි ඉදිකර පාලමේ ආරක්ෂාව තහවුරු කරන ලෙස අදාල අංශ වෙත උපදෙස් ලබාදෙන ලදි.
ඉන් අනතුරුව කැටබුලාව පුදේශයේ බෝහිල් පහල කොටස හා ඉහල කොටස යාකරන පාලම දැකබලා ගැනීමට පැමිණියේය. මෙම පාලම සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර ඒ නිසා එම ප්‍රදේශයේ ජීව්වන පවුල් 80කට පමණ කි.මී.8ක දුරක් ගෙවා ප්‍රධාන නගරයට යා යුතුව ඇත.
ඉන් අනතුරුව 31 සහ 01 දින ඇදහැලුණු අධික වර්ෂාව නිසා හානියට පත් කැන්ද ඔය හරහා ඉදිව ඇති ඉඟුරුඔය පාලම නිරීක්ෂණයට එක් විය. මෙම පාලම කැඩීයාම නිසා නාගම්මන,ගලබඩ, මස්කින්නාව ඇතුළු ගම්මාන 5ක ජනතාව පීඩාවට පත්ව ඇත.
වර්ෂා කාලවලදී නාවලපිටිය නගරයේ දොලොස්බාගේ මාර්ගයේ කලුපාලම අසල ජලයෙන් යටවන ප්‍රදේශයද මෙම අවස්ථාවේදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.මෙයට අමතරව හානියට පත්ව ඇති නුවරඑළිය දිස්ත්‍රික්කයේ දොරුවදෙණිය හා මහනුවර දිස්ත්‍රික්කයේ පත්හුණුපිටිය යා කරමින් මහවැලි ගඟ හරහා ඉදිකර ඇති වැල් පාලම හා මහවැලි ගඟේ අතු ගංගාවක් වන කොරවක් ඔය හරහා ඉදිකර ඇති මැදගහවතුර අත්වැල් පාලමද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
හානිදායක තත්වයන් දැකබලා ගැනීමෙන් අනතුරුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ට උපදෙස් ලබාදෙමින් ප්‍රකාශ කර සිටියේ මිනිසුන්ගේ ගමනාගමනය පහසුවන පරිදි කඩිනමින් ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පළාත් අධ්‍යක්ෂතුමා, ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරීන්, ප්‍රදේශයේ පළාත් පාලන ආයතන නියොජිතයින් පිරිසක් එක්ව සිටියහ.