එහිදී කොරියානු අංශයේ ලිපිගොනු කළමනාකරණ කටයුතු ඩිජිටල්කරණයට ලක් කිරීමටත්, වඩාත් වැඩි ඉඩකඩක් සහිත පරිශ්‍රයක එම අංශය ස්ථාපිත කරන ලෙසටත් ඇමතිවරයා විසින් උපදෙස් දෙනු ලබීය.
කොරියානු වීසා අයදුම්පත් ඉල්ලීමේදී පොලිස් වාර්තා ලබාගැනීමේ ප්‍රමාදයක් ඇතිව තිබෙන බව ඒ මහතාගේ නිරීක්ෂණයට ලක්ව ඇති අතර ඒ අවස්ථාවේදීම පොලිස්පතිවරයා හමුවීමට කාර්යාංශයේ සභාපතිතුමන් යොමු කරනු ලැබූ අතර විදේශ රැකියා සදහා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් පොලිස් වාර්තා ඉල්ලුම්කරන ශ්‍රමිකයින් සදහා කඩිනමින් පොලිස් වාර්තා ලබාදීමට අවශ්‍ය පරිඝනක ඇතුළු පහසුකම් ලබාදීමට අපි කටයුතු කරන ලෙස අදාල අංශ වලට උපදෙස් දීමට ද මනුෂ නානායක්කාර මහතා විසින් කටයුතු කර තිබේ.