රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය.
මේ වන විට මෙම වර්ෂයේ අප රට තුළින් ඩෙංගු රෝගීන් 48,777ක් වාර්තා වී ඇතැයිද, මෙයින් 11,437ක් ජූලි මාසයේද අගෝස්තු මාසයේ පසුගිය දින කිහිපය තුළ 1916ක්ද වාර්තා වුණු බව කියා සිටි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසුවේ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන්නේ ගම්පහ, කොළඹ සහ කලුතර යන දිස්ත්‍රික්ක වලින් බවයි. එනම් සම්පූර්ණ රෝගීන්ගෙන් 52%ක් පමණ බස්නාහිර පළාතේ එම දිස්ත්‍රික්ක තුනෙන් වාර්තා වී ඇති බවයි.
ඊට අමතරව මහනුවර, කෑගල්ල, ගාල්ල සහ රත්නපුර යන දිස්තික්කද ඇතුලුව දිස්ත්‍රික්ක 07න් වාර්තා වුණු රෝගීන් ප්‍රමාණය 80%කට ආසන්න බවද සදහන් කළේය. වාර්තා වුණු රෝගීන්ගෙන් 25%ක් අවුරුදු 05ත් 19ත් අතර පාසල් යන වයසේ පසුවන්නන් බවද, අවුරුදු 20ත් 49ත් අතර පසුවන සක්‍රීය වයස් වල තරුණ පිරිසෙන් 54%ක් රෝගීන් වාර්තා වුණු බවද අවුරුදු 50 – 60 අතර 11%ක්ද වශයෙන් රෝගීන් වාර්තා වුණු බව කියා සිටියේය.
පසුගිය සති කිහිපය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සුළු අඩුවක් දුටුවද පසුගිය දිනවල පැවති වර්ෂාවත් සමග ඉදිරියේදී මදුරුවන් බෝවිය හැකි ස්ථාන වැඩිවිය හැකි බවද ඒසමගම ඩෙංගු රෝගය ඉහළ යා හැකි බවද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේය.
මෙම අවස්ථාවේ තම නිවාස අවට, කාර්යාල අවට ආදී වශයෙන් තමා අවට වටපිටාව මදුරුවන් බෝ නොවන ලෙස පිරිසිදුකරගැනීම වැදගත් බව ඔහු අවධාරණය කළේය.