ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
පවතින මෝටර් වාහන ආඥා පනත මඟින් ඩීසල්, පෙට්‍රල් වාහන ලියාපදිංචි කළ හැකි නමුත් විද්‍යුත් වාහන ලියාපදිංචි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති බව සඳහන් කළ හෙතෙම රථ විද්‍යුත් ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීමට මෝටර් වාහන පනත සංශෝධනය කිරීමට විෂයභාර ආමාත්‍යවරයා වශයෙන් තමන් විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමත්‍යවරයා විසින් දැනුම් දුන්නේය.
එමෙන්ම, විදුලියෙන් ධාවනය වන මෝටර් රථ, යතුරු පැදි, ත්‍රීවිල් රථ මෙරටට ආනයනය කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් වාණිජ බැංකුවක් ඔස්සේ මෙරටට විදේශ විනිමය එවන ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන සිය පවුලේ අවශ්‍යතා සඳහා ගෙන්වා ගැනීමට අවස්ථාව හිමිවන බවත්, ඒ පිලිබඳ නිල චක්‍රලේඛය නිකුත් වනු ඇතැයි ද, එමඟින් මෙරට ඉන්ධන පිරිවැය අවම කර ගැනීමට ද හැකිවනු ඇතැයි ද ඒ මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.